ගොවීන් පැලට නොයා ඉන්ධන පෝලිමට
බිරිඳ දරුවන් කුඹුරෙහි පැලට යවා සැමියන් දින ගණනාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින තත්වයක් උදා වී ඇතැයි ඉන්ධන පෝලිම් වල සිටින ගොවීහු පවසති.දින කිහිපයක සිට ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට පෝලිමේ සිටින ගොවි මහතුන් ඊයේ (04දා) රාත්රී දඹුල්ල නගරයට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ තැන තැන බස් බස්රථ වල සහ බුලි කෑන් උඩ වාඩිවී රැය පහන් කරන ගොවි මහතුන් වෙයි.
මෙම ගොවි මහතුන් කියා සිටින්නේ පොහොර නොමැතිවව දැඩි අසීරුවෙන් වගා කරගත් කුඹුරුවල වී අස්වැන්න නෙළා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බව ය.
තම දුවා දරුවන් වන අලින් සමග හේනේ පැල්වල තනිවම දමා ඉන්ධන රැගෙන යෑමට පැමිණියද මේ වන විට ඉන්ධන රැගෙන යෑම සඳහා ගෙන ආ මුදල් පවා ආහාර වලට වියදම් වී ඇති බවය.
ගොවීන් පිරිසක් කියා සිටියේ ඉන්ධන ලබා දීමට නොහැකි නම් දිවයින පුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් හෝ යොදවා වැස්ස වැටෙන්නට පෙර වී අස්වැන්න නෙළා ගැනීමට රජයේ අවධානය යොමු කරවන ලෙස ය.
දඹුල්ල නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත අළුයම් කාලයේ ඩීසල් ලැබී තිබුණ ද ඒවා නිකුත් නොකොට රඳවා තබා ගැනීම් පිළිබඳව ද තොරතුරු වාර්තා විය.
එම ඉන්ධන පිරවුම් හල් වල සේවකයන් කියා සිටියේ අළුයම් කාලයේ ඉන්ධන තොග ලැබුණද සේවකයන් ගේ පැමිණීම ප්රමාද වීම නිසා ඉන්ධන ලබා දීම ප්රමාද කිරීමට සිදුව ඇති බවයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

