ඩීසල් නොමැති වීම හේතුවෙන් නෝනාගම වැලිපටන්විල ගොවීහු ඊයේ (2දා) විරෝධතාවක නිරත වූහ. සිය ගොවිතැන් කටයුතු සඳහා යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් මෙලෙස ගොවීහු වැලිපටන්විල ප්‍රදේශයේ කුඹුරු යායක සිට විරෝධතාවයේ නිරත වූහ.
ගොවීන් පවසන්නේ ගොයම් කපාගැනීමට අවශ්‍ය ඩීසල් නොමැති බවයි. ගොයම් කපා ගැනීමට ඇත්තේ තවත් සුළු කාලයක් පමණක් බවත් තවදුරටත් කල් යැවීමෙන් සිදුවන්නේ ගොයම් කපාගැනීමට නොහැකි වීම බව ගොවීහු පැවසීය. ඩීසල් ලබා ගැනීමට කෑන් අතැතිව පිරවුම්හල් සොයා ඇවිද යන්නට ගොවීන්ට සිදුව ඇතැයි ඔවුහු කියති.
අනීෂා මානගේ

