පොහොර නොමැති බවට සිදුකරන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
අපි කිසිවෙකු ගොවියා ගාවට නොයන බවත් මෙය අභියෝගයක් නිසා අප ගියහොත් බැනුම් ඇසීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
ගොවීන් කෙතරම් ඉල්ලා සිටිය ද ආරම්භ වී ඇති මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ සඳහා මාස දෙකක ගතවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.