ගොවිජන මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ
පළාත් 06ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03දා) ජනපති කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 250කි. හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීම ශා ඵලදායීතාව ප්රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක “දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘතිය” යටතේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත මෙම යන්ත්‍රෝපකරණ බෙදා දෙනු ලැබේ.
අස්වනු නෙළන, ගොයම් කපන,බීජ තවාන් යන්ත්‍ර, ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍රෝපකරණ 7ක් මීට ඇතුලත් වේ. උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 11ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට මෙම කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සැලසුම් කර ඇත.




popular news
-
Kumar Thursday, 03 February 2022 04:22 PM
yunthra dunnata wadak thibenwada indana nathinam. californiawe wathuwala thankaola kapana yanthra wadakarnne battery balayen. lankawe ewani yanthra thibunath widuliya nahane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

