රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම සදහා බාහිර සමාගම් මගින් මිලදී ගනු ලබන ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා සදහා ගෙවිය යුතු බිලියන 10ක පමණ මුදලක් නොගෙවීම හේතුවෙන් තවදුරටත් අදාල සැපයුම් සිදු කල නොහැකි බව ඇතැම් සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති අතර, ඒ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ සමාගම් කිහිපයක්ම වසා දැමෙන තත්වයකට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි.
රසායනාගාර පරීක්ෂණ සඳහා අදාල ප්‍රතික්‍රියක නොලැබීම මත දැනටමත් සිදු කරමින් සිටින පරීක්ෂණ ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති අතර, ඇතැම් පරීක්ෂණ නතර කරන තත්වයකට පත්ව තිබේ.
ණය ප්‍රමාණය පමණක් බිලියන දහයක සීමාව ඉක්මවා තිබියදී, මෙවර අය වැය මගින් ඒ සදහා වෙන්කර ඇති සම්පූර්ණ ප්රතිපාදනය බිලියන හතරකට සීමා කර ඇත. එම මුදලෙන්ද ප්‍රතිපාදන මේ යොමු කර ඇති මුදල රුපියල් බිලියනයකට සීමාවී ඇති අතර, පළමු කාර්තුව සදහා මුදල් ලෙස ලැබී ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණක් යැයි ඔහු පවසයි.
