සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරමින් ඉකුත් 2022 වසර තුළ විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව 2023 මැයි මස 31 දින ප්‍රකාශයට පත් කළ වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශ කර තිබේ.
සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, රත්මලාන, යාපනය සහ මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 05 ක මෙහෙයුම් කළමනාකරණ කටයුතු සිදු කරමින් සිටියි.
මැයි 31න් අවසන්වූ මූල්‍ය වර්ශය තුළ සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 13 ක් වන අතර එය පෙර වසර හා සැසදීමේදී සියයට 436% ක වර්ධනයකි .
එසේම මෙම කාළසීමාව තුළ වෙනත් විදේශීය ගුවන් යානා ශ්‍රී ලාංකික ගුවන් කළාපය භාවිතා කරමින්, ලංකාවේ ගුවන් තොටුපොළ තුළ ගොඩ නොබැස ඒවාට ඉහළින් (Over Flying ) ගුවන් ගමන් වාර 23,846 ක් ක්‍රියාත්මක කර තිබේ. මේ තත්ත්වය පසුගිය 2021 වසරට සාපේක්ෂව 155% ක වර්ධනයකි .
එමෙන්ම මෙම වාර්ෂිකය තුළ ගුවන් මගීන් 55,03,198 දෙනෙකු ලංකාවේ ගුවන් තොටුපොළ භාවිතා කර ඇති අතර , එය පසුගිය වසරට සාපේක්ෂව 266% ක වර්ධනයකි .
මෙම කාළසීමාව තුළ ගුවන් යානා 37,641 ක් ලංකාවේ ගුවන් තොටුපොළ භාවිතා කර ගුවන් ගමන් සිදු කර තිබෙන අතර එම තත්ත්වය පසුගිය වසරට සාපේක්ෂව 78% ක වර්ධනයකි .
එනිසා මෙම වසරක කාළසීමාව තුළ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මුළු වාර්ෂික ආදායම
( පිරිවැටුම) රුපියල් මිලියන 27,647 ක . එයින් බදු ගෙවූ පසු සමාගම සතු ලාභය රුපියල් මිලියන 4,803 කි. එසේම මෙයින් රුපියල් මිලියන 1,983 ක මුදලක් රජයට පරිත්‍යාග කර තිබේ .
මේ වනවිට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සතුව රුපියල් මිලියන 179,530 ක් වටිනා මුළු වත්කම් ප්‍රමාණයක් සතුව පවතින අතර , මෙම සමාගම සතුව වර්තමානයේ 3,854 දෙනෙකුගෙන් සමන්විත සේවක සංඛ්‍යාවක් ද සේවයේ නිරතව සිටියි.
