බම්බලපිටිය, ෆොන්සේකා පෙදෙසේදී ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.
අද දහවල් කාලයේදී මෙම වෙඩි තබා ගැනීම සිදුකර තිබේ. අවුරුදු 38ක් වන ත්රිකුණාමලය අබේපුර ප්ර දේශයේ පදිංචි ගුවන් හමුදා සෙබෙලෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු තවත් ගුවන් හමුසදා සෙබලුන් කිහිප දෙනෙක් සමග රාජකාරියෙන් නිරතව සිටියදී ෆොන්සේකා පෙදෙස ඉඩමක් තුළ පාළු නිවසක් අසළදී මෙම වෙඩි තබා ගැනීම සිදුකර තිබේ.