කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු තම සිරුරෙහි සගවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් 09/19 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංච් 37 හැවිරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 17 වසරක් සේවයේ නිරත කෝප්‍රල්වරයෙකි.
ඔහු 09/19 දින අලුයම 02.00 ට පමණ ග්‍රෑම් 550 ක් බරැති රන් බිස්කට් 40 ක් තම ඉන ප්‍රදේශයේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිට වී යාමට තැත් කිරීමේදී , මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
පසුගිය සතියේ මේ ආකාරයටම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයෙකු ද තම පාද වල සගවා ගෙන රුපියල් කෝටි 21 කට අධික රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කර රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
