ගුවන් යානයේදී ඩොලර් සොරකම් කළ චීන ජාතිකයා අල්ලයි
අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානය තුළ ගමන් ගත් , රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900 ක මුදලක් , වෛද්‍යවරයා නිදි අතර සොරා ගත් චීන ජාතිකයෙකු 04/30 දින කොළඹ , කොටුව කැසිනෝ ශාලාවකදී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානය 04/30 දින අලුයම 03.00 ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහි ගමන් ගත් මෙම රුසියානු වෛද්‍යවරයා , 04/30 දින රාත්‍රී නිදා ගෙන සිටියදී , ඔහුගේ අත් බෑගය , ගමන් මලු රාක්කයේ තබා තිබියදී , මෙම චීන ජාතිකයා විසින් මෙම සොරකම සිදු කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළෙන් බැස ගත් රුසියානු වෛද්‍යවරයා , තම අත් බෑගයෙහි තිබූ මුදල් අඩු බව වැටහී 04/30 දින අලුයම 04.00 ට ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිළි කර තිබේ .
එසැනින් වහා ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලීසිය , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර , මෙම ගුවන් යානයෙහි පැමිණි එකම චීන ජාතිකයා වූ මොහු , කඩිනමින් , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා මග හරිමින් පිටතට ගමන් කර , ගුවන් තොටුපොළ කුළී රථයක නැගී පළා යන අන්දම නිරීක්ෂණය වී තිබේ .
ඒ අනුව එම කුළී රථ සේවා කවුන්ටරය වෙත ගොස් අදාළ කුළී රථයේ ගමනාන්තය සොයා ගෙන , පොලිස් නිලධාරීන් පිරිසක් ද කොළඹ , කොටුව කැසිනෝ ශාලාව වෙත ගොස් , එහි ආරක්ෂ කැමරා පද්ධතිය පරීක්ෂා කර , මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .
ඒ වනවිටත් ඔහු ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදළක් කැසිනෝ ක්‍රීඩාව සදහා වැය කර තිබූ අතර , ඔහු සන්තකයෙහි රුපියල් 18,85,640 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 5,900 ක මුදළක් තවදුරටත් ඔහු සතුව ඉතිරි වී තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න , පොලිස් පරීක්ෂක මධුසංඛ , පොලිස් කොස්තාපල්වරුන් වන 102313 වික්‍රමසිංහ , 27167 මධුසංඛ සහ බුද්ධි නිලධාරී මංජුල යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .
මෙසේ අත් අඩංගුවට ගත් 49 හැවිරිදි චීන ජාතිකයා 05/01 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
