ශ්රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්රවේශ පත්ර ගාස්තුව අද (11දා) සිට සියයට විසිහතකින් ඉහළ නංවා ඇති බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටියේය.
මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්රවේශ පත්ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ .
ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්රවේශ පත්ර ගාස්තුව සියයට විසිහතකින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ .