ඉරානය විසින් විනාශ කරන ලද ඇමෙරිකාවට අයත් ප්රහාරයක යානයේ අතුරුදන්ව සිටි ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයා බේරා ගත් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයා ආරක්ෂිත බවද ඇමෙරිකානු ජනපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනය කරයි.
" පසුගිය පැය කිහිපය තුළ, එක්සත් ජනපද හමුදාව එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම නිර්භීත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කළා," ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් තවදුරටත් පැවසුවේ අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයා, "ඉතා ගෞරවනීය කර්නල්වරයෙක්" ... ඔහු "ඉරානයේ කඳුකරයේ සතුරු රේඛා පිටුපස සිටි, අපගේ සතුරන් විසින් දඩයම් කරන ලද" නමුත් සෙසු එක්සත් ජනපද හමුදා " පැය 24 පුරාම ඔහුගේ ස්ථානය නිරීක්ෂණය කරමින් සිටි" බවයි.