රට මේ වන විට නව උත්පත්තියක් වෙනුවෙන් ගමන් කරමින් තිබෙන බවත් ඇතැම් පිරිස් එය ගබ්සා කිරීමට උත්සාහ කරන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
උත්තර ලංකා සභාව ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපි මේ ඉන්නේ පරිවර්තනීය අවස්ථාවක. එක තත්ත්වයක ඉදලා තවත් තත්ත්වයකට යන අවස්ථාවක. ශල්‍ය කර්මයක් සිදු වෙමින් තිබෙන වෙලාවක. නව උත්පත්තියක් නව තත්ත්වයක් බිහිකරමින් තිබෙන වෙලාවක. ගැබෙහි දරා ගනිමින් තිබෙන වෙලාවක.
සමහරු හදනවා ඒ නව උත්පත්තිය ගබ්සා කරන්න. ඒ් නව උත්පත්තිය ගබ්සා කරලා පැරණි උත්පත්තියම තවදුරටත් ඔහේ පවත්වාගෙන යන්න. අපි අද උත්තර ලංකා සභාව පිහිටුවන්නේ ගර්භාසය තුළ වැඩෙන අභිමානවත් ශ්‍රි ලංකාවක් ගොඩනැගිය හැකි ඒ සුජාත උත්පත්තියට අවශ්‍ය කරන ශක්තිය දෙන්න මිසක් ඒ් උත්පත්තිය වළකින පිලේ නියෝජිතයෝ වෙන්න නෙමයි.
මේ පරිවර්තන යුගයේ මෙතෙක් පැවැති දේශපාලනය අභාගයට යනවා. ගතානු ගතික දේශපාලනය අභාවයට යනවා. සාම්ප්‍රදායිකව සිතන්නන්ට මේ ටික සිතන්නත් බැරි වෙනවා. මේ පරිවර්තන යුගය බිහිවන්නේ දුර්ජනයන්ගේ අතින් සත්ජනයන්ගෙ අතට රාජ්‍ය බලය මාරු කරලා මිසක් වෙන ආකාරයට නෙමෙයි.
අපිත් ලොකු සභාග වල හිටියා. ඒ අය හිතන්නේ අපි පොඩි පක්ෂ කියලා. ඒත් අපි පටන් ගත්තු වැඩේ ඉවර වෙනකොට ලොකු කට්ටිය පොඩි කරලා පොඩි කට්ටිය ලොකු කරන්නේ මේ රටේ ජනතාවයි.
මේ කාලයේ ගිහියෝ බණ කියනවා. සමහර හාමුදුරුවරු වගා කරනවා. දොස්තරලා පොහොර ගැන කථා කරනවා. අපරාධ විද්‍යා උපාධිධාරියා සංවර්ධන නිලධාරී ලෙස වසමක වැඩ කරනවා. මේ වගේ විකෘති ඕන තරම් පෙන්වන්න පුළුවන්. මේ විකෘතියෙන් එළියට මේ රට ගන්න ඕන.
කවුරුහරි හිතනවානම් ලංකාව පවුල් කිහිපයකට සින්නක්කරව ලියලා දීලා තියෙනවා කියලා, පවුල් කිහිපයකට මේ රට පාලනය කරන්න. සේනානායකලාට, කොතලාවලලාට, බණ්ඩාරනායකලාට, රජපක්ෂලාට, එහෙම නැන්තමන් තව පවුලකට. ඔය පවුල්වලට මේ රටේ සිංහාසනය භාර දීපු කාලය ඉවරයි. පවුල්වලින් ආපු රජවරුන්ට වඩා එයින් පිට ආපු රජවරු තමයි ලංකාවට සාධාරණය ඉටු කරලා තියෙන්නේ.”
