විදෙස් රටක නිෂ්පාදිත උන්ඩ 05ක් යෙදිය හැකි මිලිමිටර් 0.38 රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු, කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන විරවිල පොලිසිය වෙත ඉදිරිපත්කර තිබේ.
අත්අඩංගුවටපත් සැකකරු වීරවිල පන්නේගමුව මහින්දපුර ප්රදේශයේ පදිංචි හතලිස් එක්හැවරිදි අයෙකු බව හදුනාගෙන ඇත.
පොලිසිය පවසන්නේ වැල්ලවාය, කුඩාඔය, ප්රදේශයේ පදිංචි සුද්දා නමින් හදුන්වන පුද්ගලයකු, මෙම ගිනිඅවිය සැකකරුට රුපියල් විසිදහසක මුදලකට අලෙවිකර පලාගිය අවස්ථාවෙි,සැකකරු මෙම ගිනිඅවිය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු ගිනිඅවිය සමග තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
විරවිල පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල නයනජිව බන්ඩාර