ඉන්ධන පිරවුම් හලකදී පා පහරක් එල්ල කරනු ලැබූ හමුදා සාමාජිකයා ඇතුලු එවැනි ක්රියා සිදු කළ හමුදා සාමාජිකයන්ට විනිවිද භාවයෙන් දැඩි දඬුවම් ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එලෙස සිදු කර යුධ හමුදාපතිවරයාගේ, හමුදාවේ සහ විශ්රාමික හමුදා සෙබලුන්ගේ කීර්ති නාමය රැකගැනීමට කටයුතු කරන ලෙස යුධ හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අද (06දා) පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම කිසිදු අවස්ථාවක සිය ගිණි අවිය ජනතාව දෙසට දිගු කිරීමෙන් වලකින ලෙස පොලීස් නිලධාරීගෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මේ අතර එළැඹෙන 09 වැනිදා පැවැත්වෙන විරෝධතාවයට විශාල ජනතාවක් පැමිණෙන බැවින් පොලිස් නිලධාරීන් කල්පනාකාරීව හැසිරෙන ලෙස සඳහන් කරන බවත්, එසේ නොමැතිව විශාල ජනතාවක් සිටින ස්ථානයකට කඳුලු ගෑස්, ජල ප්රහාර එල්ල කර ජනතා කළබලයක් ඇති වුවහොත් විශාල පිරිසක් පෑගීමෙන්, තෙරපීමෙන් මිය යා හැකි බවත් ඔහු සඳහන් කළේය.