ගිනි අවි දෙකක් සමග දෙන්නෙක් අල්ලයි
- 12 10 2026
- 08:39
- {{hitsCtrl.values.hits}} views
- ..
රිවෝල්වර අවියක් හා එම පතරොම් 06 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - වීරකැටිය පොලිස් ස්ථානය.
2026.10.11 දින දහවල් වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්රදේශයේදී වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පිස්තෝල අවියක් හා එම පතරොම් 06 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 35 ක් වන කිංචිගුණේ, මැදමුලන ප්රදේශයේ පදිංචිකරුවෙකි. වීරකැටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පිස්තෝල අවියක් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොස්ගොඩ පොලිස් ස්ථානය.
2026.10.11 දින සවස කොස්ගොඩ පොලිස් වසමේ පැලෑගස්පලාත ප්රදේශයේදී කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත නිවසක වැටලීමක් සිදුකර පිස්තෝල අවියක්, එම පතරොම් ගැබක්, එම පතරොම් 02 ක් හා හෙරොයින් ග්රෑම් 03 මිලිග්රෑම් 100 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 29 ක් වන කොස්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොස්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

