විදේශිය රටක නිෂ්පාදිත අර්ධ ස්වංක්රීය බ්රවුන් වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උන්ඩ 17 ක් මිදිගම ඉබ්බාවල මස්හේන ප්රදේශයේ නිවසක මුළුතැන්ගෙයි වල දමා තිබිය දී ඊයේ (18දා) සවස පොලිස් භාරයට ගත් බව මිදිගම පොලීසිය පවසයි.
වැලිගම පොලිස් විශේෂ කාර්යංශ බුද්ධි ඒකකය නිළධාරින්ට ලද තොරතුරක් මත එම නිළධාරීන් සහ මිදිගම පොලිසිය එක්ව අදාළ නිවස සෝදිසියට ලක් කිරීමෙන් පසුව මුළුතැන් ගෙයි මෙම ගිනි අවි දෙක සහ උන්ඩ වලදමා තිබිය දී සොයා ගත් බව මිදිගම පොලිසිය කියයි .
ගිනි අවි හා උන්ඩ සඟවා තිබූ නිවසේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් සැකපිට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගිනි අවි හා උන්ඩ එම ප්රදේශයේ නම ගිය අපරාධ කරුවෙකු වන 36 හැවිරිදි ප්රදීප් හේමන්ත නොහොත් ඉබ්බාවල පෙමාගේ බවට තොරතුරු ලැබී ඇති බවත්. අත්අඩංගුවට පත් වූ කාන්තාව ප්රධාන සැකකරුගේ පුංචි අම්මා බවත් මිදිගම පොලීසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට මිදිගම පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදු කරයි.
