හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ගෑස් නිසි පිලිවෙලකට බෙදා හැරිම සදහා එම පිරිස් ලියාපදිංචි කිරිම අද (30දා) හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පැවැත්විණි.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් එක්ව මෙම පිරිස් මෙසේ ලියා පදිංචි කිරිමට පියවර ගෙන ඇති අතර මෙසේ ලියා පදිංචි කරන ගෑස් පාරිභෝගිකයන් කොටස් කර හැටන් හා දික්ඔය නගරවල ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ලබා දිමට පියවර ගනු ඇත.
ඒ අනුව අදාල අලෙවි නියෝජිතයන් විසින් ගෑස් ලබා දිය යුතු පාරිභෝගිකයන්ගේ නාම ලේඛනය ලබා දෙන අතර එම නාම ලේඛනයේ නම සදහන් පිරිසට පමනක් ඉදිරියේදි එම නියෝජිතයන් මගින් ගෑස් නිකුත් කිරිම සිදු කරනු ඇත.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්

