ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාමට සමගාමීව ගෑස් මිල ඉහළ නැංවීමට අවසර දෙන ලෙස ලිට්රෝ සමාගම රජයේ ඉල්ලා ඇති බව වාර්තාවෙයිත
ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට ඔවුන් අවසර ඉල්ලා තිබේ.
මේ වන විට එම සිලින්ඩරයක මිල රුපියල් 2675ක් වන අතර සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවසර දුන හොත් නව මිල රුපියල් 3510ක් බවට පත්වෙනු ඇත.
කෙසේ වෙතත් මේ වන විටත් වෙළඳපොළ තුළ අධික ගෑස් හිඟයක් පවතින අතර ගෑස් සිලින්ඩර කලු කඩ මිළ ගණන් යටතේ අලෙවි කිරීමට ඇතැම් වෙළඳුන් කටයුතු කරන බව වාර්තා වෙයි.