මැදවච්චියේ හෙරෝයින් ජාවාරම් කරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටි තරුණයෙකු රෝහල් ඇද තුලම ගෙල හා පාදයක් කපා ඝාතනය කර ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ මැදවච්චිය, අංක 15, මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවැරිදි පිංචාබදු වික්‍රමසිංහගේ රුවන් ගීත් උදිත නැමැති තරුණයෙකි.
ප්‍රේම සම්බන්ධයක් මුල් කර ගනිමින් මැදවච්චියේ ප්‍රබල හෙරෝයින් ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය(26) වෙනිදා ගැටුමක් හටගෙන ඇති අතර මෙම තරුණයා ඉන් තුවාල ලබා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සුව තත්ත්වයට පත්වීමෙන් අනතුරුව මෙම රෝගියා මහාචාර්ය ඒකකයට ඇතුලත් කිරීමට අනුරාධපුර රෝහල් බලධාරින් කටයුතු කර ඇත. එහි ප්‍රථිකාර ලබමින් සිටි අතර තරුණයා පසුගියදා(28)දා අලුයම 5.00 ට පමන එම වාට්ටු සංකීරණයට පැමිණි නන්නාදුනන පිරිසක් විසින් ඔහු ප්‍රථිකාර ලබමින් සිටි ඇද තුලදීම ගෙල හා පාදයක බල නහරය කපා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය කීහ.
මේ වන තුරුත් මෙම ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂකඅංශ හට හැකියාවක් ලැබී නොමැත. ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් එම පිරිස අත් අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් මැදවච්චිය පොලිසිය කියයි.
හොරොව්පතාන - සිඩ්නි රුවන් උබේපාල