අගෝස්තු මාසයේදී විදුලි ගාස්තු ඉහළ දැමුවත් එය විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ෆිච් රෝටින්ග් ආයතකනය පවසයි.
ඉහළ ජනන පිරිවැය හේතුවෙන් රජය අගෝස්තු මාසයේදී සාමාන්‍ය විදුලි ගාස්තුව සියයට 75 කින් පමණ ඉහළ දැමීමට කටයුතු කළේය.
"නව ගාස්තු ඉහළ දැමීම ඉහළ ජනන පිරිවැය අනුව ලංවිමේ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි අපි විශ්වාස නොකරමු නමුත් එය පාඩු අවම කර ගැනීමට උපකාරී වනු ඇත" යනුවෙන් ෆිච් රේටිංග් ආයතනය පවසයි.
"කෙසේ වෙතත්, ජනන පිරිවැය වැටුණහොත් සහ තාප බලයට වඩා අඩු වියදම් සහිත පුනර්ජනනීය බලශක්තිය වෙත තම ජනන මිශ්‍රණය මාරු කිරීමට ලංවිමට හැකි වන්නේ නම්, එය ලංවිම බිඳනොවැටි ආරක්ෂා විමට සහ මූල්‍ය නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත" යනුවෙන් ෆිච් රේටින්ග් ආයතනය වැඩිදුරටත් පවසයි.