ගාල්ලේ මහ කන්න කාල සටහන දෙසැ. 25 තෙක් දීර්ඝ කරයි
ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්රික්කයේ වගාකළයුතු කුඹුරු ඉඩම් ප්රමාණය වැඩි කොට වී නිෂ්පාදනය වැඩිකිරිමේ අරමුණින් 2025/2026 මහ කන්නයේ වගාකාලසටහන මෙම මස 25 වැනිදින දක්වා දිර්ඝ කිරිමට ගාල්ල දිස්ත්රික් කෘෂිකර්ම කමිටුව මගින් තිරණය කොට ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතාගේ ප්රධානත්වයෙන් පැවති දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්විමේ දි මාස 03 සහ මාස තුනහමාර වී වර්ග වගාකිරිමේ අවසන් දිනය මෙම මස 25 වැනිදින දක්වා දිර්ඝකොට ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දි දකුණු පළාත තුල ඇතිවිය හැකි කැකුළු සහල් අර්බුදයට විසදුමක් ලෙස ගාල්ල දිස්ත්රික්කයේ මෙම මස 03 වැනිදින සිට 25 දින දක්වා කාලය තුල කුඹුරු අක්කර 2500ක් කඩනමින් වගාකිරිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්යංශය පවසයි.
මෙම කාලය තුල වි වගාකරණ ගොවින් සදහා අක්කරයකට රුපියල් දසදහසක දිරිදිමනාවක් ලබාදිමට පළාත් කෘෂිකර්ම අමාත්යංශය විසින් තින්දුකොට ඇත. එමෙන්ම මේවනවිටත් වගාකොට නොමැතිව ඇති කුඹුරු වගාකිරිම සදහා ගොවින් දිරිමත් කිරිමේ අරමුණින් මෙම මුදල ලබාදෙන බවද පළාත් කෘෂිකර්ම අමාත්යංශය පෙන්වාදෙයි. මිට අමතරව එක් කන්නයක් හෝ කන්න දෙකක් වගාකොට නොමැතිව පවතින කුඹුරු වගාකරණ ගොවින් සදහා බිත්තර වි මිලදි ගැනිමට රුපියල් දසදහසක මුදලක් හා මුලික බිම්සකස් කිරිමට රුපියල් දසදහසක මුදලක් ලබාදිමට කටයුතු කරණ බවද දකුණු පළාත් කෘෂිකර්ම අමාත්යංශය පවසයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

