ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 140 ක් නාම යෝජනා භාරදුන් අතර ඉන් නාම යෝජනා පත්‍ර 06ක් ප්‍රතික්ෂේපවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි ශාන්ත විරසිංහ මහතා පවසයි.
ඒ අනුව නාම යෝජනා පත්‍ර 134ක් පිළිගත් බවද හෙතෙම පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 152 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළද ඉන් නාම යෝජනාපත්ර භාරදෙනු ලැබුවේ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 140ක් පමණක් බවද ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින් මංත්‍රිවරු 255 දෙනකුද අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රිවරු 164 දෙනකුද ලෙස මන්ත්‍රීවරු 419 දෙනකු තෝරා පත්කර ගැනිමට නියමිතව ඇති අතර මෙම පිරිස ට කාන්තාවන් 100ක් අනිවරේයෙන්ම තෝරා කරගත යුතුව තිබේ.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්