ගාල්ල මහ නගර සභාව අවශ්‍යතාවට වැඩියෙන් පාසල් පොත් හා උපකරණ මිලට අරගෙන
ගාල්ල මහනගර සභාව විසින් අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට බේදාදිම සදහා පාසැල් පොත් හා උපකරණ මිලදි ගැනිමේ දි එම පාසල් උපකරණවල අවශ්‍යතාවය නිසිපරිදි හදුනාගෙන මිලදි ගැනිම් සිදුනොකිරිම් සම්බන්දව වගකිවයුතු නිලධාරින් හදුනාගෙන එම පාඩුව අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
පාසල් පොත් හා උපකරණ මිලදි ගැනිමේ දි එම උපකරණවල අවශ්‍යතාවය නිසි පරිදි පුරෝකථනය කිරිමකින් තොරව මිලදි ගැනිම් කර තිබිම නිසා රුපියල් මිලියන 3.15ක් වටිනා පාසල් පොත් හා උපකරණ අයිතම 10ක ඒකක 15302ක් ඉතිරි වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම ඉන් රුපියල් 143,170 ක් වටිනා පාසල් පොත් හා උපකරණ අයිතම 08ක ඒකක හානියට පත්ව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
2023 වර්ෂයේ දි ගාල්ල නාගරික බල ප්‍ර දේශයේ අඩුආදායම්ලාභි පවුල්වල පාසල් දරුවන් සදහා පාසැල් පොත් හා උපකරණ බේදාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සදහා මෙම උපකරණ මිලදි ගෙන තිබුණි. මේ පිළිබද ගාල්ල මහනගර සභාව විසින් විගණනයට සදහන්කොට ඇත්තේ සුදුසුකම් නිරික්ෂණය කර පාසල් පොත් හා උපකරණ බේදාදිමේ දි අපේක්ෂිත සංඛ්‍යාවල වෙනස්කම් සිදුවිම මත පොත් ප්‍රමාණයක් ඉතිරිව ඇති බවය.ගාල්ල මහනගර සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
