ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියකට හා සිරකාරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (06) තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
තිදෙනෙකුගේ ප්‍රථිපල නිශ්චිත නොවන හෙයින් නැවත පරික්ෂා කිරිමට යොමුකොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබනි මවකට ඊයේ (05) දින කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු සිරකාරියන් 39 දෙනෙකු ජේලර්වරියන් ඇතුළු 60 දෙනෙකු සදහා පි.සි ආර් පරික්ෂණ සිදුකරණ ලැබිය.
දැනට ප්‍රථිපල ලැබි ඇත්තේ 15ක් පමණක් බවත් කොරෝනා ආසාදිත ජේලර්වරිය කරන්දෙණිය වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර