ගාල්ල ජාතික රෝහල තුළ හෘද රෝගීන් සඳහා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ හා ස්ටෙන්ට් ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදු කරන බව එම රෝහලේ පාලනාධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විපපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් එම පාලනාධිකාරිය පවසන්නේ රුධිර කාන්දුකරණ සඳහා අවශ්‍ය උපකරණද රෝහල් සතුව පවතින බවයි. එසේම රෝහලේ ප්‍රතිකාර සේවා තවදුරටත් විධිමත් කිරීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ කිහිපයක්ද රෝහලට ලබා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.