ගාල්ල ජර්මන් මිත්‍රත්ව කාන්තා රෝහලේ හිග විදුලි ගාස්තුව මිලියන 27 පනියි
ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල විසින් හිග විදුලි ගාස්තු හා අධිභාර මුදල් වශයෙන් රුපියල් මිලියන 27.23ක මුදලක් තවදුරටත් විදුලි බල මණ්ඩලයට ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙකි කාන්තා රෝහලේ කොන්ත්‍රාත් කටයුතු කළ කොන්ත්‍රාත්කරු විසින් නොගෙවා ඇති හිග විදුලි බිල රුපියල් මිලියන 2.94කි. එම හිග විදුලිබිල කොන්ත්‍රාත්කරුගෙන් අයකරගැනිමට හෝ කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවිමේ දි අඩුකරගැනිමට රෝහල මගින් කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද රෝහල් අධ්‍යක්ෂක එච්.ටි සෝමරත්න මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදුන් දිනයේ සිට තමයි රෝහල මගින් විදුලිබිල ගෙවිමට කටයුතු කරලා තියෙන්නේ.ඒ අතර කාලයේ දි සෞඛ්‍ය අමාත්‍යංශයට විදුලිබිල ගෙවන්න බැහැ . කොන්ත්රාත්කාර සමාගම විසින් තමයි ඒ කාලයට අදාළ විදුලිබිල ගෙවිය යුත්තේ.
මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අදාළ කොන්ත්රාත්කාර සමාගමට දැනුම් දිලා තියෙනවා. හිග විදුලිබිල ගෙවන්න කියලා. හිග මුදල් ගෙවිමට අදාළ කොන්ත්රාත්කාර සමාගම එකගවෙලා තියෙනවා . සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙවිය යුතු හිග විදුලිබිල ගෙවිමට කටයුතු කරණවා යැයි ද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

