ගාල්ල කොටුවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට තහනම් කලාපයක් වෙයි
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ ඉදිරිපස පිහිටි ඓතිහාසික හිරු අට්ටාලය, සඳු අට්ටාලය හා තාරුකා අට්ටාලය මේ දිනවල කිසිවෙකුට ඇතුළුවිය නොහැකි අයුරින් වසා දැමීම හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දේශීය නරඹන්නෝ පවසති.
කොරෝනා වසංගත තත්ත්වයක් පැවතිය ද රට තුළ සංචාරක සීමා පනවා නොමැති බැවින් සති අන්තයේ ගාලු කොටුව නැරඹමට පිටපළාත්වලින් පැමිණි විශාල දේශීය සංචාරකයන් පිරිසක් මේ ස්ථාන නැරඹීමට නොහැකිව ආපසු හැරී ගොස් තිබේ.
කොටුවේ ඉදිරිපස වසා දමා ඇති මෙම කොටසෙහි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මුර අට්ටාල තුනක් ඇති අතර ලන්දේසීන් විසින් ඒවා විශාල කර බන්දවා පසුව ඉංග්‍රීසි පාලකයන් විසින් ද වෙනස්කම් රැසක් සිදුකර ඇත. සංචාරකයන් පවසන්නේ ගාල්ල කොටුවේ පිහිටි සුවිශේෂීතම කොටස ලෙස සැළකෙන මෙම ස්ථාන නැරඹූමට නොදීමෙන්තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි.
මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය හේතුවෙන් කොටුවේ මෙම කොටස වසා දමා ඇති බව බලධාරීහු පවසති. මෙම ටෙස්ට් තරඟාවලිය නරඹන්නන්ට තහනම් කර ඇති බැවින් කොටුව මත සිට ක්‍රිකට් තරඟය නැරඹීම වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇති බව ද පැවසේ.
මේ පිළිබඳ ගාලු උරුමය පදනමෙන් සභාපති පරාක්‍රම දහනායක මහතාගෙන් විසූ විට හෙතෙම කියා සිටියේ මෙම කොටස වසා දැමීමට ගාලු උරුමය පදනම කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය වසා දැමීමේ දී තම පදනමෙන් විමසා නැති බව ද හෛතෙම කීවේය.
මේ පිළිබඳ ගාල්ල පොලිසියෙන් විමසීමේ දී කියා සිටියේ කොරෝනා වසංගත තත්තවය සළකා කොටුව මතට නැග ක්‍රිකට් තරඟය නැරඹීව වැළැක්වීමේ අවශ්‍යතාව මත එම කොටසට කිසිවෙකුට ඇතුළු වීමට නොදෙන බවයි. මෙලෙස වසා දමා ඇත්තේ ක්‍රිකට් තරඟ පැවැත්වෙන කාලයේ දී පමණක් බව ද පොලිසිය පවසයි.
ගාල්ල කොටුවේ පැරණිම කොටස ලෙස සැළකෙන පෘතුගීසීන් විසින් ඉදිකරන ලද කළු කොටුව ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පිහිටා ඇති බැවින් සංචාරකයන්ට ඇතුලුවීමට විශේෂ අවසරයක් ගත යුතුය.
සිරංගිකා ලොකුකරවිට
popular news
-
hela urumaya Monday, 25 January 2021 11:28 PM
galu urumaya kiyanne thamange sanuharayama gathnayata yodagannalada kalathuvakku bankara valalla divi himiyen raka balaganna sanvidanayakda ? anivaryenma mehi palapadiyanvu akramanikayangen pavatha ena parapurak...
Reply : 0 0
ruhune appu Monday, 25 January 2021 11:32 PM
urumaya thiyenne polonnaruva anuradapura dambadeniya sithavaka misak galu kotuve labugediye noveyi bolavune
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

