ගාල්ල, දෙවට වෙරළේ අනවසර මාළු කඩ ඉවත් කරයි
ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳසැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ සිදු කරනු ලැබිය.
දෙවට වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස මීට දින 10 කට පමණ පෙර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේවිසින් අනවසර කඩ හිමියන් වෙත දැනුම් දී තිබුණි.අනවසර කඩහිමියන් වැඩි දෙනකු අනවසර වෙළඳසැල් ඉවත් කරගෙන තිබුණි.එහෙත් අනවසර මත්ස්‍ය වෙළඳසැල් කිහිපයක් ඉවත්කරගෙන නොතිබුණි..
කෙසේවෙතත්, මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන් දැඩි අප්‍රසාදය පළ කර සිටින අතර ඔවුන් සඳහන් කරන්නේ මීට පෙර තමන් වෙළඳාම් කටයුතු කළ ස්ථානවලින් ඉවත් කර, නගර සභාවේ බලධාරීන් විසින්ම මෙම ස්ථානයේ කඩ සාදා දුන් බවයි.
පෙර දැනුම්දීමකින් තොරව සහ ද්‍රව්‍ය අයින් කරගැනීමට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම පැමිණ මෙලෙස තම වෙළඳසැල් ඉවත් කළ බවට ඔවුන් චෝදනා කරනුලැබීය .
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි ලෙස දැනුම් දී තිබූ බවය.
ඉදිකිරීම් ඉවත් කිරීමේ අවස්ථාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් ද ආරක්ෂාව සඳහා එම ස්ථානයට කැඳවා තිබුණාි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

