හදිසි නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් රජයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකුට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවීමක් සිදුකර තිබේ.
ජනපති ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා පොලිස්පති සී.ඩී. වික්රමරත්න යන මහත්වරුන්ට මෙම කැඳවීම සිදුකර තිබේ.
එළැඹෙන සඳුදා දිනයේදි ඔවුන්ට මානව හිමිකම් කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.