ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ ගෙල සිර කර ඝාතනය කල සිරුර කදු මුදුණේම දමා ගිය සැකකරු වසර 3කට පසු මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පාලනය වන විශේෂ විමර්ෂණ ඒකකය මගින් (24) දින අත්අඩංගුවට ගෙන (25) දින ලිදුල පොලිසිය වෙත භාර දී ඇත.
නොවිසදුනු අපරාධ සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ලිදුල පොලිසිය මගින් මධ්‍යම පළාත් විශේෂ විමර්ෂණ ඒකකයට දැනුම් දිමෙන් පසු සැකකරු අලුත්ගම ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන එම විමර්ෂන ඒකකය මගින් සැකකරු ලිදුල පොලිසිය වෙත භාර දී ඇත.
මෙසේ ඝාතනය කර තිබුණේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති 36 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි.
ඝාතනය වූ කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හදුනා ගැනීමේන් අනතුරුව, ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කල ලිදුල පොලිසියේ නිළධාරින්ට ඝාතනයට සම්බන්ධ සැකකරු හදුනා ගැනීමට හැකි විය.
ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග අනියම් සම්බන්ධතාවයක්ද පැවැත්වු බවට තහවුරු වී ඇත. සැකකරු ඝාතනය කල කාන්තාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ග්‍රේඩ් වෙස්ටන් කදුවැටිය නැරඹීමට විනෝද චාරිකාවක් යන මුවාවෙන් පෙර විවාහ වී සිටි එම කාන්තාව කැදවාගෙන නානුඔය ප්‍රදේශයට පැමිණ නවාතැන් ගෙන ඊට පසුදින සැකකරු ග්‍රේඩ් වෙස්ටර්න් කදු මුදුණට කාන්තාව කැදවාගෙන ගොස් කදු මුදුණේදි ජර්සියකින් ගෙල සිර කර ඝාතනය කර සිරුර කදු මුදුණේම තබා පලා ගිය බවයි සැකකරුගෙන් ලිදුල පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරිම් වලදී අණාවරණය වී ඇත්තේ.
සැකකරු පිලියන්දල ප්‍රදේශයේද කාන්තාවක් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවත්, සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමෙන් අනතුරුව සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

