කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් වැඩිවීමට නියමිත බව වාර්තා වෙයි. ලිට්රෝ සමාගම හා ලාෆ්ස් සමාගම විසින් මිල ඉහළ දැමීමට කළ ඉල්ලීමකට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබි ඇති බවද සඳහන් වෙයි.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ මිල ඉහළ යෑමට නියමිත අතර ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1696ක් දක්වා වැඩි වෙනු ඇත.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් ලාෆ්ස් හා ලිට්රෝ සමාගම් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලා තිබේ.