අනුරාධපුර උලුක්කුලම දෙස සිට ඇලයාපත්තුව දෙසට ගමන් කල යතුරු පැදියක්, අයාලේ යන ගවයෙකුගේ ගැටී පෙරේදා (26 දා) රාත්‍රි සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇලයාපත්තුව ඉලන්දගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්. දේවප්‍රිය බණ්ඩාර නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
උලුක්කුලම සිට ඇලයාපත්තුව දක්වා දිවෙන එම මාර්ගයේ ඉලන්දගහවැව සමගිපුර ආරණ්‍ය සේනාසනය ආසන්නයේදී මරණකරු ගමන් කළ යතුරු පැදිය රාත්‍රී 10.20ට පමණ මාර්ගයේ නිදා සිටි ගවයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසයි.
මෙම අනතුරු සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .
අනුරාධපුර - බි.ජී, චතුරංග