ජනාධිපතිවරණ සමයේදී ගොවියාට ලබාදුන් පොරොන්දු වහාම ඉටු කරන්නැයි වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද ( 06) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
නොමිලේ පොහොර ලබා දෙන බවට ප්‍රධාන පක්ෂ දෙකේම ජනාධිපති අපේක්ෂක වරු යෝජනා කළ බවත් තවමත් ගොවීන්ට පොහොර සහනාධාරය හෝ නොමිලේ පොහොර නොලැබී ඇතැයි හෙතෙම චෝදනා කළේය.
එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු වගාව වී වගාව පලතුරු වගාවන් විශාල වශයෙන් රට පුරා හානිවී තිබෙන බවත් මෙම හානි පිළිබඳව අවධානය යොමුකර ගොවීන්ට වහාම වන්දි ක්‍රමයක් සකසා දෙන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වැඩිදුරටත් රජයෙන් ඉල්ලීමක් කළේ ය.
මේ වනවිට අම්පාර දිස්ත්‍රික්ක විශාල වශයෙන් බඩ ඉරිඟු වගාව ඉටුකළ ගොවීන්ට විශාල හානි සිදු වී තිබෙන බවත් ඒ පිළිබඳව වර්තමාන රජයේ සහ ඇමතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙස නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
පසුගිය කාලයේ සහ සියලුම රජයන් ගොවීන්ට හානියක් සිදු වූ විට තක්සේරු කිරීම පමණක් සිදු කොට වන්දි ගෙවීම නොසලකා හරින බවද හෙතෙම සඳහන් කළේය .
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දුවක් මත ගොවි ණය කපා හරින බවට ගොවීන් අතර මතයක් පැතිර ගොස් තිබෙන බවද එහෙත් බැංකු සහ ගොවීන් අතර මේ වෙනකොට බරපතළ අරගලයකට මුහුණ පා තිබෙන බවද සඳහන් කළේය .
ණය මුදල් අයකර ගැනීමට බැංකුව උත්සාහ දරන බවත් එහෙත් ණය මුදල් ගෙවා නොගෙවා සිටීමට ගොවීන් උත්සාහ කරන බවද හෙතෙම සඳහන් කළේය.
වහාම පොහොර සහනාධාරය ලබාදෙන ක්‍රමවේදය සහ දින වකවානු ගොවීන්ගේ ගොවි ණය කපා හරින ක්‍රමවේදය සහ දින වකවානු ජනතාවට හෙළි කරන්නයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස