කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ අතහැර දමා ගොස් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ අඩංගු පාර්සල් 03 ක් ඊයේ දින සවස ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .
ඊයේ එදින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රුපියල් කෝටි 22 ක් වටිනා රන් බිස්කට් 161 එකක් අඩංගු රත්තරන් කිලෝ ග්රැම් 17 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟම , බියට පත්වූ ගුවන්තොටුපල රන් ජාවාරම්කරුවන් , මෙම ස්වර්ණාභරණ තොගය මෙසේ වැසිකිළිය තුළ අතහැර දමා යන්නට ඇතැයි රෙගුව සැක පහළ කරයි .
ඊයේ දින මෙසේ අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය කිලෝ ග්රැම් 01 යි , ග්රැම් 500 බරකින් යුතු අතර , එම පාර්සල් තුළ මාල , වළලු මුදු කරාබු , පෙන්ඩන්ට් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම ස්වර්ණාභරණ තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .