www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
වත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් පවසා සිටියේ ගෙවතු වගා සංග්‍රාමයට ආරාධනා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ස්තුති වන බවත් තමන් මෙම අභියෝගය සඳහා හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල්ට සහ හිටපු නායක මහේල ජයවර්ධනට ආරධනා කරන බවත් ය.
එය පිළිගනිමින් මේජර් දිනේෂ් චන්දිමාල් සිය නිවසේ පැළ රෝපණය කරමින් සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට එක්ව තිබුණි. චන්දිමාල් මෙම අභියෝගය හිටපු නායක කුමාර් සංගක්කාරට සහ සහ හිටපු නායක තිසර පෙරේරාට යොමු කර තිබුණේය.
popular news
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
සෞදිය තීරණාත්මක තෙල් නල මාර්ගයක් වසා දමයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd