ගලෙන්බිඳුණුවැව පුද්ගලික මූල්‍ය ආයතනයක් මගින් ප්‍රදේශයේ ජනතාවගේ මුදල් වංචා කළ බවට පවසමින්එහි ගනුදෙනුකරුවෝ ඊයේ (11දා) ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 229කට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව විරෝධතාකරුවෝ එහිදී පැවසූහ.
කහටගස්දිගිලිය,කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව නගරයට පැමිණ නගරය මැද කළ උද්ඝෝෂණය හේතුවෙන් කැකිරාව දාච්චිහල්මිල්ලවැව මාර්ගයේ එක් මංතීරුවක් අවහිරවූ අතර, ගලෙන්බිඳුණුවැව පොලිස් නිලධාරීන්ද විශාල පිරිසක් පැමිණ සිටිනු දැක ගත හැකිවිය.
නගර මධ්‍යයේ උද්ඝෝෂණයේ යෙදීසිටි පිරිස ගලෙන්ඳුණුවැව නගරයේ සිට කැකිරාව මාර්ගය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝධය පාමින්, සටන් පාඨ හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
එහිදී විරෝධතා උද්ඝෝෂණයට එක්වූ පිරිස පෙන්වා දුන්නේ ගලෙන්බිඳුණුවැව ප්‍රධාන විදීයේ ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය මෙම ආයතනයේ , පුද්ගලික ආයතනයවල සහ රාජ්‍ය ආයතනවල සේවයේ නිරත පුද්ගලයන්1005 කට ආසන්න පිරිසක් හා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන් මුදල් ආයෝජනය කර ඇති බවය. මූල්‍ය ආයතනය හා ගනුදෙනුකරුවන් අතර ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව මුදල් ලබා නොදෙන බවත්, ආයතනයේ හිමිකරු මාස 8කට පෙර ආයතනය වසා දමා පාරිභෝගිකයන් රවටා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔවුහූ පැවසූහ.
මූල්‍ය ආයතනයේ සභාපතිවරයා කහටගස්දිගිලිය පාසලක තොරතුරු තාක්ෂණ ගුරුවරයා වශයෙන් කටයුතු කළ අතර,ආයතනයේ කළමනාකරු වශයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු කටයුතු කර ඇත.
ප්‍රදේශයේ රාජ්‍ය අයතන හා බැංකු නිලධාරීන් මෙම මූල්‍ය ආයතනය සමග සෘජුව හා වක්‍රව කටයුතු කිරීම හේතුවෙන් සමාගම පිළිබඳව විශ්වාසයක් ඇතිව වසර හතකට ආසන්න කාලයක් ගනුදෙනු කරමින් සිටි අතර තුර දී මූල්‍යායතන හිමිකරු මෙලෙස මුදල් වංචා කොට පලා ගිය බවත්,මූල්‍ය සමාගම මහ බැංකුවෙහි ලියාපදිංචි සමාගමක් ලෙස පෙනී සිටිමින්,මෙලෙස පරිභෝගිකයන්ගේ මුදල් වංචා කොට සැඟව සිටින බවත් විරෝධතාකරුවෝ පවසති.
විරෝධතාවට එක්වූ පිරිස් වැඩිදුර දුරටත් පවසා සිටියේ මුදල් ලබාගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමේ හිමිකරු සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයන්හි දී තමන්ටමරණ තර්ජනද එල්ල වී ඇති බවයි. මෙම සමාගම හැර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සමාගම් 7කට ආසන්න ප්‍රමාණයක් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, දුටුවැව, නිකවැව,දිවුල්වැව, ගෝමරන්කල්ල, අක්කර 20, 21 ජනපදය, යකල්ල ඇතුළු ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි පාරිභෝගිකයන් දහසකට ආසන්න ප්‍රමාණයක් රවටා මූල්‍ය ආයතන වසා දමා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
මේ සම්බන්ධව ඇතැම් පිරිස් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ හා කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයෙහි මෙන්ම මහ බැංකුවෙහි පැමිණිලි කීපයක් ඉදිරිපත් කර තිබුණද මේ දක්වා , පාරිභෝගිකයන් වෙත කිසිදු අස්වැසිල්ලක් නොවූ බව කියති. උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස වැඩිදුරටත් පවසා සිටින්නේ මහ බැංකුව හා ශ්‍රී ලංකා පොලීසිය මැදිහත්වසමාගමේ සභාපති විදෙස් රටකට යෑම වළක්වා දෙන ලෙසය. මෙවැනි මූල්‍ය සමාගම් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන් වගකිවයුතු ආයතන මැදිහත්ව අදාළ මුදල් පාරිභෝගිකයන් වෙත ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සලසා දෙන ලෙස උද්ඝෝෂණයට එක්වූ පිරිස් ඉල්ලා සිටිති.
තිසර සමල්
