පසුගිය වසරේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් ඉතිරු වූ ඇනවුම් වලින් තවත් ඒක් නෞකාවක් වෙනුවෙන් අත්තිකාරම් ගෙවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ අනුව මේ වන විට නෞකා දෙකක් වෙනුවෙන් අත්තිකාරම් ගෙවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර පෙට්‍රල් ඔක්ටේන් 92 මෙට්‍රක් ටොන් 35000ක් රැගත් නෞකාවක් වෙනුවෙන් මුදල් ගෙවා අවසන් කළ බවත් ඒ අනුව ඒම නෞකාවෙන් පෙට්‍රල් තොගය ගොඩ බෑම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.