මෙම වසරේ දෙවන කාර්තුවට නොරෝච්චෝල ලක්විජය බලාගාරයට ගල් අඟුරු රැගෙන එන ප්‍රථම නෞකාව පුත්තලමට පැමිණ තිබේ.
මේ වන විට IVS TRADER නෞකාව පුත්තලමට පැමිණ ඇත. අදාළ ආයතන සමඟ සිදු කරන තත්ත්ව කටයුතු කඩිනමින් අවසන් කර අද පස්වරුවේදී ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය.
ඉදිරි දින ගණනකට නොරොච්චෝලේ බලාගාරය සතුව ගල් අඟුරු තිබෙන බව අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.
