පේරාදෙණිය ගලහා නගරයේ පවත්වාගෙන යන බේකරියක් සහ හෝටලයක් තුල ඇති වූ ගින්නක් හේතුවෙන් සේවකයන් පස්දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව ගලහා පොලිසිය කියයි .
ඊයේ (06දා) රාත්රියේ එම හෝටලයේ බේකරිය තුළ ආහාර පිසිමින් සිටියදී ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම හෝටලයට බරපතළ හානි සිදු වී ඇති බව පොලිසිය කියයි .
ගින්න නිවීමට උත්සාහ කළ හෝටල් සේවකයන් පස්දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව ගලහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්වයේ සිටි එක් රෝගියෙකු මහනුවර ජාතික රෝහලට මාරු කර එවා තිබේ.
ගලහා පොලීසිය සිද්ධිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .