පසුගිය සති දෙකක කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 202 නෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වි ඊයේ (23) දිනය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 2067 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඒ මහතා පවසයි.
මෙම රෝගින් අතුරින් පසුගිය දින 28 තුල පමණක් රෝගින් 1386 දෙනෙකු හදුනාගෙන ඇත. ඊයේ (23) දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තා වි ඇත.
නිරෝධායන කාලය අවසන් වු රෝගින්ගේ සංඛ්‍යාව 21437 දෙනෙකු වන අතර තවදුරටත් පුද්ගලයින් 2510 නෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් ග්‍රාම නිලධාරිවසම් ලෙස නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ධනවල, හා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ හිනිදුම උතුර යන ග්‍රාම නිලධාරි වසම් හදුනාගෙන ඇති බවද ඒ මහතා පවසයි.