ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනවිට කොරෝනා ආසාදිත පාසල් දරුවන්ගේ සංඛ්‍යාව 130 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට පෙබරවාරි මස 19 වැනිදින කාලය තුලදි මෙම රෝගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 65ක දරු දැරියන් 130 දෙනෙකු කොරෝනා ආසාදිත වි ඇති අතර මින් අති බහුතරයක් නිවෙස්තුල නිරෝධායනය වෙමින් සිටි පාසල් දරු දැරියන් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
පසුගිය දින 14ක කාලය තුල පාසල් 21කට අයත් පාසල් දරු දැරියන් 27 දෙනෙකු ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කය තුල පාසල් තුල කොරෝනා පොකුරක් නිර්මානය විමට ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පානය කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.