සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබන 13 වන දින ශල්‍යකර්මයක් කිරීමට සැලසුම් කර තිබූ බව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සඳහන් කලේය.
එහෙත් උන්වහන්සේ බන්ධනාගාර රෝහලට මාරුකර යවන ලෙසට බන්දනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ලැබී තිබෙන බවද පවසා සිටියේය.
උන්වහන්සේගේ වකුගඩුවේ පවතින ගල ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකල යුතු නිසා ඒ පිලිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කලබවද සඳහන් කලේය.