අද (01) උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ වෙරළ තීරයට සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුළුවීමට ඉඩ නොදී ආරක්ෂක අංශ යොදවා ඇත් බවත් ගල්කිස්ස වෙරළ සෝදා පාළුවීම පිළිබඳව තිර නාටකයක් සමඟ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ගල්කිස්සේ වැලිවලින් සකස් කළ වෙරළ යළිත් මුහුදටම සෝදාපාළුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මෙය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරන ලද, ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිසර හා ස්වභාව සම්පත් මහවැලි අමාත්‍යාංශය යටතේ පැවතුණි. එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියාකළේ, ප්‍රභාත් ධර්මකීර්ති මහත්මා ය. එය මාගේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නොතිබිණ.
කලුතර කැලිඩෝ වෙරළ සහ ගල්කිස්ස හා රත්මලාන ආදී ප්‍රදේශවල වෙරළ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිශ්චිත කැබිනට් තීන්දුව ගෙන ඇත්තේ, 2020 ජනවාරි 22 වන දින ය. ඒ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, පාලනය යටතේ ය.
රෝඩ් නීල්සන් නම් සමාගම හරහා මෙම වසරේ මාර්තු මාසයේදී එය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා ධීවර ජනතාවගේ විරෝධතාව එල්ලවන හෙයින්, ඇඳිරි නීතියට මුවාවී කඩිමුඩියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා ආණ්ඩුවේ නායකයින් සහ මන්ත්‍රීවරු විශාල දේශපාලන වාසියක් ලබාගැනීමට කටයුතු කර ඇති බව පැහැදිළි ය. එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඒ පිළිබඳව මාධ්‍ය ප්‍රකාශ ද නිකුත් කර ඇති අතර, ඒවා ආණ්ඩුවට සම්බන්ධ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල පළකර තිබේ.
දැන් මොකද වෙලා තියෙන්නෙ ? යම්කිසි සිදුවීමක් හේතුවෙන් රුපියල් දසලක්ෂ අටසිය අනූවක් වැය කර පිරවූ වැලි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නැවත මුහුදට ගලාගෙන ගොස් තිබේ. එසේ වීමට හේතු දක්වමින් වෙරළ සංරක්ෂණ ආයතනය පවසන්නේ එය ස්වාභාවික ක්‍රියාවලියක් බවයි. නැවත එම වැලි ඇතිවන බවයි.
අද වත්මන් ආණ්ඩුව ගෙනයන්නෙ බොරුවෙන් හා වංචාවෙනි. විශේෂයෙන්ම හමුදා නිලධාරීන් දාල, බුද්ධි අංශ දාල රටේ ජනතාවගේ කොරෝනා මර්ධනය කිරීමට කටයුතු කළත්, තමන්ගේ හමුදා කඳවුරුවල කොරෝනා මර්ධනය කරගන්න බැරි ආණ්ඩුවක් බව ඔප්පු වී තිබේ.
පසුගිය කාලයේ රටේ ආර්ථිකය පාලනය කරගැනීමට නොහැකිව, රාජ්‍ය අංශයේ සේවකයින්ගෙ වැටුප් ගෙවාගැනීමට නොහැකිව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කළ වත්මන් ආණ්ඩුව, මේ සියලු ව්‍යසන මධ්‍යයේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා අනෙකුත් අමාත්‍යාංශ හරහා දැවැන්ත ජාතික මංකොල්ලයක් ගෙනියමින්, ජගුප්සාජනක ලෙස සෑම ක්ෂේත්රයක්ම හොරකම හා වංචාව සමඟ ඉදිරියට ගෙනයමින් සිටිති.
ගල්කිස්ස වෙරළ සෝදායාමේ ව්‍යසනය පසුගිය ආණ්ඩුවේ අපේ අමාත්‍යාංශයට දැමීමට උත්සහ කරති. මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවනම් එය ඉතාමත් හොඳ දෙයකි.
එය විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, විධිමත් සමාජ අධ්‍යයනයක් සිදුකර, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතු දෙයකි. නමුත් කලබලයෙන්, කඩිමුඩියේ, රහසේ දේශපාලන හා වෙනත් වාසි තකා වැඩකටයුතු කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ සිදුවෙලා තියෙන්නෙ. එහි තවත් ප්‍රතිඵල අපට අනාගතයේ දැකගන්න පුළුවන්.
2017 සිට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මෙවැනිම ව්‍යාපෘතියක් මාරවිල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රගතිය කුමක්ද යන්න මා දැනුවත් නැත. අනෙකුත් ප්‍රදේශවලත් මෙය සිදුකරන බව ප්‍රකාශ කර තිබුණු අතර එය ඉතා හොඳ වැඩකිවැඩ බැරි පිරිසකට ඉංජිනේරුමය කාර්යයන් සිකුළ නොහැක.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ වෙරළ තීරයේ තත්ත්වය පිළිබඳව ඉංජිනේරුමය ශක්‍යතා අධ්‍යයනයක් කර තිබුණි. අපේ අරමුණක් තිබුණ මේ වෙරළ තීරය විධිමත්ව ගොඩනගන්න.
එලෙස විධිමත්ව ගොඩනැගීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් පමණයි අප සිදුකළේ. ඒක ක්‍රියාත්මක කිරීම අනාගතයට භාරයි. එය විධිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. රටේ ආර්ථිකය ගොඩනගන්නත්, අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකරන්නත් බෑ."