පරිසර වාර්තාවක් නොමැතිව රුපියල් කෝටි 11ක මහජන මුදල් යොදවා ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 12 වැනිදා සලකා බැලීමට දින නියම කළ අභියාචනාධිකරණය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යවන්නැයිද අද (22) නියම කළේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඞී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී එලෙස නියම කළේය.
ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන ලෙසත්, වෙරළ ආශ්රිත පරිසරය දුෂණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමැති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.
ගල්කිස්ස ඇතුළු රටෙහි අනෙකුත් වෙරළ තීරයන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යයන් ගෙන් අපවිත්‍ර වී ඇති බවත් මින් පරිසර හා සමුද්‍රිය පරිසරය දුෂණයට ලක්ව ඇති බව සදහන් කරන පෙත්සම්කරුවෝ ගල්කිස්ස වෙරළ තීරය ආශ්රිත මුහුදු ප්‍රදේශය බොහෝ ස්නානය සඳහා බොහෝ ජනතාව භාවිතා කරන බවද මේ අතර ‘ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම’ නමින් වෙරළ කෘතිමව සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද පෙන්වා දෙති.
මෙම ව්‍යාපෘති තත්ත්වය තුළ වෙරළ පරිසරය විනාශයට පත්වන බවත් ඒ සඳහා රුපියල් මිලියන 110 ක මහජන මුදල් පමණ වෙන් කර ඇතැත් පරිසර වාර්තාවක් හෝ මෙතෙක් ලබා ගෙන නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 4(ඉ 4 (ඊ 14 , 16 (2 15 සහ 31 යන විධි විධානයන් උල්ලංඝනය වන බවද පෙන්වා දෙති.
වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත්, වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසත්, අදාළ ව්‍යාපෘතියට පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය සහ නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියහ.