ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියයාම, අපරාධමය ක්රියාවකින් සිදුවූවාද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ මෙම සැකකරු අසනිප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවත් ඉන් පසුව නැවැත පොලිස් ස්ථානය වෙත රැගෙන එමෙන් අනතුරු ඊයේ දිනයේදි ඔහු මියගොස් සිටි බවත් මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව ඊට අදාළව ක්රියාමාර්ග ගන්නා බවත් අජිත් රෝහණ මහතා වැඩිදුටත් පැවසීය.