ගාල්ල ක්‍රීඩාංගණය ආශ්රිත ප්‍රදේශය සහ වෙරළබඩ තීරය ඉදිරි වසර එක හමාරක කාලය තුළදී උපායමාර්ගික සැලැස්මකට යටත්ව විධිමත්ව සංවර්ධනය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බත්තරමුල්ලේදී අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම පෙන්වා දුන්නේ 2007-2008 යන වර්ෂයන්හි අදාළ ක්‍රීඩාගාරය ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාදී තිබූ නිර්දේශයන්ට පටහැනිව එය ඉදිකර තිබූ බවයි.
එසේම පුරාවිද්‍යා අංශයන්හි අවසරයකින් තොරව එය ඉදිකර ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුවක් උද්ගතව ඇති බවද පැවසීය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ