විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් එළැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය පළ කරන බව එම සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසුවාය.
ඒ අනුව එළැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකරන ලෙස සිය සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.
1997.01.01 දින සිට බී. සී පෙරේරා වැටුප් කොමිෂම මගින් මෙම වැටුප් විෂමතාව ඇති කරනු ලැබූ අතර මේ හේතුවෙන් ගුරු සේවය අර්බුද රැසකට මුහුණ දී ඇතැයිද හෙතෙම පැවසීය.
වසර 23ක් පුරා පවතින විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් නොකිරීම, පවතින හා පැවැති සේවා ව්‍යවස්ථා නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යාවශ්‍ය පොදු උපදෙස් සංග්‍රහයන් නිකුත් නොකිරීම, නව සේවා ව්‍යවස්ථාවට අත්‍යාවශ්‍ය සංශෝධන එක් නොකිරීම, වැටුප් විෂමතා පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට රජය විසින් පත් කළ නව වැටුප් සමාලෝචන කොමිෂම විසින් ලබාදුන් නිර්දේශ පිළීබඳව මෙතෙක් ඉදිරි පියවර නොගැනීම, ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධන 16ක් ගෙන එන බවට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර ඇතත් ඒ පිළීබඳව ගුරු සංගම් දැනුම්වත් නොකිරීම, දළ දේශිය වියදමෙන් සියයට 6ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවට පොරොන්දු වි ඇතත් මෙතෙක් එවැන්නක් සඳහා කිසිදු පියවරක් නොගැනීම ඇතුළු කාරණා 10ක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
මේ සඳහා ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුළු විදුහල්පති හා ගුරු සංගම් 12 එකමුතුව , ශ්‍රි ලංකා රජයේ ගුරු සංගමය මෙන්ම තවත් අධ්‍යාපන ක්ෂේත්රය ගුරු හා විදුහල්පති සංගම් ගණනාවක සහාය මේ සඳහා පළ කෙරේ.
කෂිනි හපුආරච්චි