එළැඹෙන අයවැයේ දී ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සාධාරණම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කර සිටියි.
කැබිනට් මණ්ඩලය ලබාදුන් එම පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවත් එසේම රුපියල් 5000 ක් ලබාදීමට අනුකමිටුව යෝජනා නොකළ බවත් ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් විශ්වාසක් ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් එය යෝජනා කළ බවයි අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.