මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණ තොරතුරක් මත ඔහුගේ කණ්ඩායමක් හා නාවික හමුදාව එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී , නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම හෙරොයින් තොගය විදේශීය ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවානය කරමින් තිබුණ බවත් විදේශීය සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවැසීය.
මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබුණ බවත් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් පසුගිය දින කිහිපය පුරා සිදුකළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙහිදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 150ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එසේම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පැය 24 පුරාම 1997 අංකයට ලබාදිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.