තමන්වහන්සේගේ චීවරය බන්ධනාගාරය තුළ ගලවන අයුරුවීඩියෝ කළ එය රජයේ ඉහළම පුද්ගලයෙකුට පෙන්වීමට සැලැස්සුවේයැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට තමන්ට ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මෙම ප්‍රකාශය සුළුවෙන් නොතකන බවත් එම ප්‍රකාශය ගැන බන්ධනාගාරය පැමිණිලි කිරිමෙන් අනතුරුව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කරනු ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.